Colombo Today Local News

පාතාල බිය අධිකරණයටත් දැනෙයි.. රට පුරා සියලු අධිකරණවල ආරක්ෂාව තර කරයි

පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත දිවයින පුරා ඇති සියලු අධිකරණවල ආරක්ෂාව තර කරන්නැයි සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙනවා.

ගල්කිස්ස මහේස්ත්‍රාක් අධිකරණ සංකීර්ණයේ තිබී පිස්තෝලයක්, රිවෝල්වරයක් සහ උණ්ඩ තොගයක් ඊයේ සොයාගැනීමෙන් පසුවයි පොලිස්පතිවරයා මෙම නියෝගය ලබා දී තිබෙන්නේ.

කුරුණෑගල පොලීසියේ සේවය කල උප පොලිස් පරීක්ෂකවරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාල නඩු කටයුත්තකට ප්‍රධාන පෙලේ පාතාල කල්ලි නායකයෙකු වන රත්මලානේ රොහා නමැත්තා ඊයේ ගල්කිස්ස අධිකරණයට රැගෙනවිත් තිබුණා.

කිසියම් පිරිසක් රත්මලානේ රොහා නමැති පාතාල නායකයා ඝාතනය කිරීමේ අරමුණින් මෙම ගිනි අවි සගවා තබන්නට ඇති බවයි පොලීසිය සැක කරන්නේ.

Related posts

පොලිස් අත්අඩංගුවට පත් කාන්තාවක් රෝහල්ගත කළ පසු මියයයි

colombotoday

මහ කන්නයට දෙන කාබනික පොහොර ගැන ඇමැතිගේ සහතිකය

colombotoday

අයවැයෙන් E-bay, Amazon, Aliexpress මගින් ගෙන එන භාන්ඩ සදහා බද්දක්…

colombotoday

මෙවර මැතිවරණ අපේක්ෂකයන්ගෙන් 80% කටම මත්පැන් තැබෑරුම්

colombotoday

ගාලුපාරේ ගණිකා නිවාසයක් වටලයි

Admin

“ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොකළොත් ජනපතිට එරෙහිව ජනබලයක් ගොඩ නගනවා” – රතන හිමි පරල වෙයි

colombotoday