Colombo Today Local News

බාල්දු වෙන රුපියල ශක්තිමත් කරන හැටි කබ්රාල් කියයි

ඩොලරයට සාපේක්‍ෂව රුපියල් 200ටත් වඩා පහළගොස් ඇති ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම ඉහළ නැංවීම සඳහා සැලසුම්සහගත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව රාජ්‍ය මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව පැවසිය.

“රුපියල සහ ඩොලරය අතර හුවමාරු අගයයන් තීරණය වන්නේ අපේ රට විදේශ අංශය අපි කළමනාකරණය කිරීමේ තත්ත්වය අනුව. රුපියලේ අගය පවත්වා ගැනීමට මූලික සාධකයක් තමයි රටේ තියෙන සංචිත ප්‍රමාණය. 2014 දී අපේ රටේ තිබුණා සංචිත හැටියට ඩොලර් බිලියන 8.2 ක්. අපි ඒ කාලේ පුරෝකථනය කෙරුවේ 2019 අග වෙන කොට ඩොලර් බිලියන 15 දක්වා අපට වැඩිකර ගන්න පුළුවන් වේවි කියලා. ඒ වුණාට 2019 වෙනකොට අපිට ඩොලර් බිලියන 8.2ක් වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. තිබුණේ 7.4 ක් පමණයි. ඉතිං ඒ නිසා 15 ක් තිබෙන්න තිබුණු තැනක අපිට ලැබුණේ 7.4 ක්. මෙතන දී යථා තත්ත්වය ඒකයි. අපි භාර ගත්ත තත්ත්වය ඒකයි. අපිට අවකාශයක් තිබුණේ නැහැ, මේ රුපියල පාලනය කර ගැනීමටවත්, මේ තත්ත්වයට මුහුණ දෙන්නටවත්. ඒ වුණත් අපි මුහුණ දීලා තියෙනවා.“

“අපි දැක්කා 2020 තුළ දී බොහෝ දෙනෙක් හිතුවා රුපියල දැවැන්ත ලෙස අවප්‍රමාණය වෙයි කියලා. ඒ වුණාට රුපියල අවප්‍රමාණය වුණේ සියයට 2.8ක් පමණයි. ඒ වුණත් මේ වසරේ දී (ඩොලරය) රු. 200 ඉක්මවා යාම ගැන අපි සැලකිලිමත් වෙලා තියෙනවා. අපි දැන් අපේ සංචිත වැඩිකර ගැනීම සඳහා ක්‍රමවේද රාශියක් අනුගමනය කරනවා. ඒ තත්ත්වයට අපි මුහුණ දෙද්දී රුපියල යම් ආකාරයක වැඩිපුර පීඩනයකට ගොදුරු වෙලා තිබෙනවා. අපි ඒක දන්නවා. ඒ වුණත් අපි නොබෝ දවසකින් නැවත වරක් රුපියල ශක්තිමත් කිරීමට අපිට කටයුතු කරන්න පුළුවන් වේවි කියන එක තමයි අපේ විශ්වාසය. අපි එතනට යොමු වෙනවා. මෙය තාවකාලික සිද්ධියක්.“

Related posts

අගමැති දැනුම් දීමෙන් දෙරණේ සංඛ නැවතත් සේවයේ

colombotoday

මට ඕන තීන්දුව නොදුන් විනිසුරු ඉවත්කර, අපේ විනිසුරුවෙක් දාල මට ඕන නඩු තීන්දුව ගත්තා !

colombotoday

ජනපති සිරිසේන බොදු බල සේනාව කැඳවා රහස් සාකච්ඡාවක!

colombotoday

අභ්‍යවකාශ තාක්‌ෂණය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට

colombotoday

“රටේ මීළග ජනාධිපති රනිල්.. අගමැති අකිල විරාජ්” – ජෝන්ගෙන් අනාවැකියක්

colombotoday

කොරෝනා මර්ධනයේ එකම අඩුපාඩුව මුස්ලිම් මරණ ආදාහනය කිරීමයි. ඒ.එල්.එම් අතාවුල්ලාහ් කියයි

colombotoday