තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (30) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු ෆයිසර් එන්නත් මාත්‍රා 400,000ක් එලෙස අද උදෑසන රැගෙන විත් ඇත.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේ, හෙට (01) දිනයේ දී තවත් එන්නත් මාත්‍රා 400,000ක් ලැබීමට නියමිත බවය.