Colombo Today Local News

“බැදුම්කර මගඩිය මහින්දගේයි.. අපි නීතිමය පියවර ගන්නවා“ – මුදල් අමාත්‍යාංශය

මහ බැංකුව විසින් පසුගිය රජය සමයේදී නීති උල්ලංඝණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සදහන් කරයි.

ගිය රජයේ මුදල් ඇමතිව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා 2015 ජනවාරි 08 වන දින 1895/19 දරණ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ රටේ මුල්‍ය නීති කඩමින් යයිද පවසන එම නිවේදනය හිටපු මහ බැංකු අධිපති නිවාඞ් කබ්රාල් ඇතුළු පිරිස රජයේ ණය ප්‍රෝඩාකාරී ලෙස කලමනාකරණය කර ඇති බවද නිවේදනයේ දැක්වෙයි.

අදාල පරීක්‍ෂණ ක‍්‍රියාත්මක කිරීමෙන් පසු ඔවුනට එරෙහිව නීත්‍යනුකූලව පියවර ගන්නා බවචද නිවේදනයේ සදහන්ය.

මුදල් අමාත්‍යංශ ලේකම් ජනපති කොමිසම නොමග යවලා

මහ බැංකුවේ සිදු වූ මහා බැදුම්කර වංචාව සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්කල බැදුම්කර කොමිසම හමුවේ පසුගිය 23 වෙනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතා සාක්ෂි දෙමින් පැවසුවේ එවකට සිටි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2015 ජනවාරි මස පලමුවෙනිදා නිකුත් කල ගැසට් නිවේදනයකට අනුව ප්‍රශ්නගත රුපියල් බිලියන 10 ක බැදුම්කර නිකුත්වක් සිදු කර ඇතැයි යන්නය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන කේ ටි චිත්‍රසිරි ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගනකාධිපති කන්ද සාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සාක්ෂි විභාග කෙරුනි.

කොමසාරිස් වරුන් වන විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙත ප්‍රශ්නයක් නගමින් විමසුවේ: “මෙම ගැසට් නිවේදනය නිකුත් කිරිමේ යම් ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා නේද?

ප්‍රශ්නයට පිලිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශයේ ලෙස ප්‍රකාශ කලේ: ‘මේ සිදු වීම වූ සමයේ මා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා නොවෙයි, එවකට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස කටයුතු කලේ ආචාර්ය පී බී ජයසුන්දර මහතායි’ යන්නයි.

එවිට කොමිසමේ කටයුතු තාවකාලික නතර කර දැමීමට තීරණය කල එහි කොමසාරිස් වරුන් මෙම ප්‍රශ්නගත ගැසට් නිවේදනය නිකුත් කල දිනය පිලිබඳව රජයේ මුද්‍රණාලාධිපතිවරයාගේ ප්‍රකාශයක් ලබා ගැනිමට කොමිසමේ විමර්ශන නිලධාරින්ට නියෝග කලේය.
වැඩි දුර සාක්ෂි විභාගය 27 වෙනි සඳුදා දක්වා කල් තබන ලදි.

Related posts

“ගාලු මැයි රැළිය කුජීත වන බව දැන, කිරුළපන රැළිය කඩාකප්පල් කරන්න රජය උපරිමයෙන් වැඩ” – විමල්

colombotoday

අලියා අතහැර සජිත් හංසයාගෙන් සටනට… දිනුවත්, පැරදුණත් එජාප නායකකම රැකගන්න රනිල් ගහපු ගැටේ මෙන්න !

colombotoday

colombotoday

පාස්කු ප්‍රහාරයේ රහසිගත වාර්තා මන්ත්‍රීවරුන්ට පමණයි – ජනාධිපති ලේකම්වරයා නැවත දැනුම්දෙයි

Admin

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

colombotoday

බෘෘනෝ CIDයට කැඳවයි

Admin