Colombo Today Local News

හමුදාවට මඩ ගහන තවත් වාර්තාවක් මානව හිමිකම් සමුළුවට !

ශ්‍රී ලංකා හමුදාව උතුරේ ස්‌ත්‍රී දූෂණ සිදුකිරීමේ කඳවුරු නමින් කඳවුරු පවත්වාගෙන යන බවට සාවද්‍ය වාර්තාවක්‌ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක වූ යස්‌මින් සුකා විසින් මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර ඇත. මේ බොරු වාර්තාව හමුදා නිලධාරීන් විසින් (23 දා) මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කර තිබේ.

පෙබරවාරි 27 දා මානව හිමිකම් සමුළුව ආරම්භවීමට නියමිතව තිබියදී මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති අතර මේ සාවද්‍ය වාර්තාවට ස්‌ත්‍රී දූෂණ සිදුවූ බවට කිසිදු පොලිස්‌ පැමිණිල්ලක්‌ යොමුකර නැත. එහෙත් මේ වාර්තාව ගැන මානව හිමිකම් සමුළුවේදී සාකච්ඡාවට ලක්‌වේ. මෙම වාර්තාව ඉදිරිපත්කර ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවට අවමන් කිරීමේ අරමුණින් බව හමුදා ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග විසින්ද මෙවැනිම චෝදනාවක් පසුගිය සතියේ ශ්‍රී ලංකා හමුදාව වෙත එල්ල කර තිබිණි. ඇයගේ ප්‍රධානීත්වයෙන් ක්‍රියාත්මක වන සංහිදියාව සදහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බළකාය නම් කමිටුවක් විසින් සකස් කළ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාද්‍යවේදීන් හමුවේ ඇය පැවසුවේ ශ්‍රී ලංකා හමුදාවේ නිලධාරීන් අතින් මේ වන විටත් උතුරේ ද්‍රවිඩ ස්ත්‍රීන්ට ලිංගික හිරිහැර සිදුවන බවයි.

මෙම චෝදනාව ශ්‍රී ලංකා යුද හමුදාව මගින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

Related posts

යාපනය රෝහලේ අධ්‍යක්ෂකට ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි කියමින් තර්ජනය කළ අයට වැඩ වරදී

colombotoday

රට ලස්සන කරන්න චිත්‍ර අදින තරුණයන්ට ජනපතිගෙන් පැසසුම් !

colombotoday

ගංජා සූස්ති ගහලා මංගල සමරවීරගේ මොලේ මඤ්ඤං වෙලා

colombotoday

විදුලි බිලට එරෙහි වූ හිමිනමක් ඇතුළු විරෝධතාකරුවන් 6ක් අත්අඩංගුවට

Admin

සෞඛ්‍ය තත්ත්වය අයහපත්… ඤාණසාර හිමියන් නැවතත් ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරයි…

colombotoday

ජනපතිගේ අවසර නැතිව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට රැස්වීම් තියන්න තහනම්

colombotoday