2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සදහා පුරෝගාමී මෙහෙවරක් කරමින් මැතිවරණ සටන මෙහෙයවූයේ තමන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.
තමන්ගේ ක්‍රියාකරීත්වය කොතෙත්දැයි කිවහොත්, තමාට කැබිනට් ඇමතිකමක් හෝ මහ ඇමති තනතුරක් දෙන පොරොන්දුව මත තමාව මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් කරන්නැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තම පියා රාජිත සේනාරත්නට දැනුම් දුන් බවද චතුර හෙළි කරයි.
මෙරට ලොකුම පාසලේ ඉහළම ශිෂ්‍ය නායකකම දරත්දී තමන්ට වයස අවුරුදු 10ක් බවත්, ඒකාධිපතියෙකු යැයි පවසා එවකට ජනාධිපතිවරයාට එරෙහිව එම ශිෂ්‍ය නායක පදවිය ගලවා විසිකළ තමන්ට කැබිනට් ඇමතිකමක් ලොකු නැති බැවින්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර පොදු අපේක්ෂකායා දිනවීම සදහා සටන මෙහෙයවූ බවත් චතුර සේනාරත්න පවසයි.
[fbvideo link=”https://www.facebook.com/238043973275535/videos/283796495366949/” width=”550″ height=”400″ onlyvideo=”1″]