පළාත් පාලන සීමා නීර්ණය කිරීමේ කටයුතුවලදී පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපාගෙන් තමන්ට දැඩි බලපෑම් එල්ල වූ බව සීමා නීර්ණ අභියාචනා කමිටු සභාපතී අශෝක පීරිස් මහතා පවසයි.
ඇමතිවරයාට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට නම් නිලධාරීන් අවශ්‍ය නොමැති බවත්, ඔහුගේ බලපෑම්වලට තමන් කිසි ලෙසකත් යටත් නොවනු බවත් හෙතෙම පවසයි. ෆයිසර් ඇමතිවරයා නොපැසුණු දේශපාලකයෙක් බවත්, ඔහු පිළිබදව තමන් සතු කරුණු එළියට දැම්මොත් ඔහුට ඇමති තනතුරත් අහිමිවන බව අශෝක පීරිස් මහතා පවසයි.
ඔහු මෙම අදහස් පලකළේ මාතර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදීය.