Colombo Today Local News

බැදුම්කර හොර ගැසට් එකට නම දැම්මාට මහින්ද නඩු යයි

ආන්දෝලනාත්මක බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් 2015 ජනවාරි 01 දිනය යටතේ මුදල් ඇමති ලෙස තම නම භාවිත කරමින් ගැසට් නිවේදනයක් වංචනිකව නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට සූදානම් වෙයි.

1895/19 දරණ අතිවිශේෂ ගැසට්‌ පත්‍රය 2015 ජනවාරි 01 දිනැතිව මුද්‍රණය කර ඇත්තේ 2015-09-15 වැනි දින බවත් ඒ වනවිට ජනාධිපති හෝ මුදල් ඇමති ධුරය මහින්ද රාජපක්‍ෂ මහතා දරනු නොලැබූ බවත් ඔහු නීතීවේදීන් පෙන්වා දෙයි.

රවි කරුණානායක මහතා එම කාලයේදී මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කල බවත් මහින්ද රාජපක්ෂ නාමය යොදා දිනයද වංචනිකව සකසා ගැසට් පත්‍රය මුද්‍රණය කර ඇති බවද නීතීඥයෝ කියති.

බැදුම්කර ගනුදෙනුව සදහා ආයතනික සහාය ලබා දුන් පුද්ගලයින් තවමත් මහ බැංකුවේ ප්‍රධාන තනතුරු දරමින් සිටින අතර ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ගනු දෙනුව සදහා සම්බන්ධ බව හැගවීම සදහා මෙම ගැසට් නිවේදනය යොදා ගනිමින් සිටින බව එම නීතිඥයින් පවසති.

Related posts

ගෝඨා වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කෙරේ

colombotoday

කළු, නිල්වලා සහ ගිං ඟගේ ජල මට්ටම ඉහළට : පහළ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

colombotoday

යහපාලන සම්මුතිය කම්මුතුයි… ඉතිරි දෙවසර අදින්න “අන්තර් පාලන රජයක්” එයි…

colombotoday

දකුණේ පාතාලයට ආර්පීජී අවියක් ආවේ ගෝඨාභය ඝාතනයටද? එල්ටීටීඊ ත‍්‍රස්තයෙක් ගෝඨාභයට සමීපවෙන තැතක්…

colombotoday

ප්‍රියන්ත කුමාරගේ දේහයේ කොටස් නිවසට රැගෙන එයි

colombotoday

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday