බස් ගාස්තු සංශෝධනයක් සිදුකළද මේ මොහොතේ කිසිලෙසකින්වත් දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඉන්ධන මිල මෙන්ම, බඩු මිල ඉහළ ගොස් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින බවත්, හදිසියේම දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බවත් ඔහු සදහන් කරයි.
ඉන්ධන ගාස්තු ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු වැඩි කරන ලෙස බස් සංගම් කළ ඉල්ලීම හේතුවෙන් සියයට 17කින් බස් ගාස්තු වැඩිකිරීමට සිදුවූ බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.