Colombo Today Local News

පරිවාසභාරයේ සිටින දරුවන්ට වෘත්තීය පුහුණුව

පරිවාසභාරයේ සිටින දරුවන්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීමේ වැඩපිළිවෙලක් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය එක්ව ආරම්භ කර ඇත.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ දී අද (30)දින සිදුකෙරුණු අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සහ පියල් නිශාන්ත මහතා ඊට අත්සන් තැබීය.

ළමා නිවාසවල සිටින දරුවන්ගේ නිපුණතා මට්ටම් හදුනාගෙන ඔවුන්ගේ හැකියාවන් අනුව නිවැරදි වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි යොමුකරමින් සමාජගතකිරීම මෙහි මූලික අරමුණ වී ඇත.

මෙම පාඨමාලා අවසානයේදී නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සම්බන්ධීකරණයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් සහතික (NVQ) පිරිනැමීම ද සිදුකෙරේ.

යාවත්කාලීන කරන ලද www.youthjobs.lk වෙබ් අඩවිය දියත් කිරිම ද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් මෙහිදී සිදුකෙරිණි.

මෙම වෙබ් අඩවිය හරහා පාඨමාලා පිළිබඳ සියලු ‍ තොරතුරු ලබාගත හැක.

Related posts

දරුණු ගංවතුර අවදානම හේතුවෙන් කොළඹ විදුලිය විසන්ධි කෙරේ

colombotoday

ආපු ගමන් බෑ-සමන්ත විද්‍යාරත්න

Admin

මුලතිව් රෝහල පිටුපස තිබී විශාල මෝටාර් බෝම්බයක් හමුවෙයි

colombotoday

“ෆෙඩරල් ව්‍යවස්ථාව යනු ඊළාම් රාජ්‍යයේ ඔප්පුවයි” ඇල්ලේ ගුණවංශ නාහිමි

colombotoday

මට එරෙහිව රතු නිවේදන නිකුත් කරන යහපාලන ආණ්ඩුව කොටි ත්‍රස්තයන් 150කගේ රතු නිවේදන ඉවත්කරගත්තා

colombotoday

ජනපති පොළොන්නරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කරයි.

colombotoday