Colombo Today Local NewsHot News

‘නෝ ෆයර් සොන්‘ පෙන්වූ කොටි හිතවාදිනියට මැලේසියා අධිකරණයෙන් දඩුවම්

ශ්‍රී ලංකා හමුදාවන් යුධ අපරාධ කළේයැයි සාවද්‍ය චෝදනා එල්ල කරන ‘නෝ ෆයර් සෝන්‘ චිත්‍රපටය අනවසරයෙන් ප්‍රදර්ශනය කිරීමේ චෝදනාව මත ලීනා හෙන්රි නමැති කාන්තාවක් මැලේසියා ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මානව හිමිකම් ක්‍රියාධාරිනියක් යැයි පවසන ඇය මැලේසියානු චිත්‍රපට පාලක මණ්ඩලයේ අනුමැතිය රහිත මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කර ඇත්තේ 2013 වසරේදී මැලේසියාවේ පැවති මානව හිමිකම් සමුළුවක් අතරතුරදීයි.

ඊට අදාල නඩුව මේ වනවිට විභාගයට ගෙන ඇති අතර ඇය චෝදනාවට වැරදිකාරිය බව මැලේසියානු අධිකරණය තීන්දු කර ඇත, වසර තුනකට නොඅඩු සිර දඩුවමක් හා මැලේසියානු රිම්ගිට් තිස්දහසක දඩයක් නියම වනු ඇති බව මැලේසියානු මාධ්‍ය වාර්තා සදහන් කරයි.

‘නෝ ෆයර් සෝන්‘ චිත්‍රපයට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට එහි අධ්‍යෂක කැලම් මැකරේ නමැත්තා අවසර ඉල්ලා තිබුණු අතර, සාවද්‍ය දර්ශන එහි අඩංගු බැවින් ශ්‍රී ලංකා රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි. එනමුත් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර එම චිත්‍රපටය සත්‍ය එකක් බව තමන් පිලිගන්නා බව ප්‍රකාශ කර තිබුණු අතර, මෑතකදී ලන්ඩන් දෙමළ ඩයස්පොරාව අමතමින් ඔහු පැවසුවේ එම චිත්‍රපටය තමන් ශ්‍රී ලංකාවේ හමුදාවේ පිරිසකට ප්‍රදර්ශනය කළ බවයි.

විදේශීය රටක හමුදාවකට එරෙහිව නිශ්පාදනය කළ අපහාසාත්මක චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේ වරදට මැලේසියා අධිකරණය එරට පුරවැසියෙකුට දඩුවම් කළද, තම රටේ ආරක්ෂක හමුදා පාවා දෙමින්, හමුදාවට එරෙහි චිත්‍රපටයක් ලංකාව තුළදීම ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයාට එරෙහිව ශ්‍රී ලංකා අධිකරණයෙන් දඩුවම් ලබා දී නැත.

 

Related posts

එජාප මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී

Admin

හපුතලේ – වැලිමඩ මාර්ගයේ නායයෑමක්

Admin

එක්ව සිටිනවාද..? වෙන්ව යනවාද..? LTTE ඩයස්පොරාව උතුරේ ජනමතය විමසන්න යයි

colombotoday

මොඩර්නා එන්නත් මහනුවරට | රුසියාවේ ස්පුට්නික් එන්නත ඉදිරියේදී නොලැබෙන ලකුණු

colombotoday

දළඳා මාලිගාවේ වෙඩින් ප්‍රී ෂූට් එකක්

Admin

රියාජ් බදියුදීන්ගේ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වේ

colombotoday