Colombo Today Local News

ජනපති ස්කොට්ලන්තයට යයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් රාජධානියේ, ස්කොට්ලන්තය බලා අද(30) අලුයම පිටත්ව ගියේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දේශගුණික විපර්යාස සහ ඊට මුහුණදෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම සමුළුව හෙට(31) සිට නොවැම්බර් 12 වැනිදා දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වෙන බවයි.

නොවැම්බර් මස 01වැනිදා සහ දෙවැනිදා ලෝක නායකයින්ගේ සමුළුව සඳහා වෙන් කර තිබේ.

“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව රටවල් 197 ක රාජ්‍ය නායකයින්, රාජ්‍ය නියෝජිතයින්, විද්වතුන් , ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් විසිපන් දහසක් පමණ සහභාගී වෙයි.

ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක , ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ,විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

Related posts

බ්‍රිතාන්‍ය හමුදා ශ්‍රී ලාංකිකයන් සමූල ඝාතනය කළා; සරත් වීරසේකර කතා කරද්දී බ්‍රිතාන්‍ය තානාපති හැරි හැරී බලයි

colombotoday

අධිකරණය නීතිඥ සංගමය යටතට – නීතිය මිනී කාක්කන්ට වෙන්දේසිවන ලකුණු

colombotoday

වැට් බදු වැඩිවීම ජලයටත් අදාලයි.. ආණ්ඩුව නෑ කී දේ හකීම් කියයි.. ජල බිලත් ළගදීම ඉහළට!

colombotoday

එජාප තරුණ නායකත්වය විනාශ කිරීමේ මෙහෙයුමක්.. ජනපතිත් හවුල් – සුජීවගෙන් චෝදනා

colombotoday

IMF විස්තීරණ ණය රාමුවෙන් බැහැරවීමට ආණ්ඩුව සූදානමක් නැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin