Colombo Today Local News

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් කවදාවත් බන්ධනාගාරගත කරන්නේ නෑ.. රට තුළට එන මත්ද්‍රව්‍ය නතර කරනවා..

තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කිරීමට නියමිත බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, අංශ තුනක් යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා එම අදහස් පළ කළේය.

“අපේ බාල පරපුර ඉතාම පැහැදිලි ලෙස මේ මත්කුඩු උවදුරට ගොඳුරු වෙනවා. කොටස් තුනකින් තමයි එය නැතිකරන්න බලාපොරොත්තු වෙන්නේ. එකක් තමයි භෞතිකව මේ රට තුළට එන මත්ද්‍රව්‍ය පුළුවන් තරම් අපි නතර කිරීමට බලනවා. අපි දන්නවා ඒවා නිෂ්පාදන වෙන්නේ බොහෝ දුරට ඇෆ්ගනිස්ථානයෙන්. ඒවා පකිස්තානය සහ ඉරානය හරහා තමයි එන්නේ. ඒ මුහුදු මාර්ග අපි දැනගෙන ඒ මුහුදු මාර්ගවලට නාවික හමුදා නෞකා ස්ථාපිතකරලා ඒවා භෞතිකව නතර කරනවා. දෙවෙනි එක තමයි ඉල්ලුම අඩුකරන්න ඕනේ. ඉල්ලුම අඩුකරන්න නම් පාසල්වල අපි කමිටු හදනවා හෙට අනිද්දා වෙනකොට. ඒ තුළින් ඒ ඇබ්බැහිවෙන්නන් සහ මත් උවදුරේ ඇති භයානක කම ගැන උපදේශනයක් දෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි මීට පස්සේ ඇබ්බැහිවෙන අය කවදාවත් අපි බන්ධනාගාර ගත කරන්නේ නැහැ. ඒ අයව පුනරුත්ථාපනය කරනවා.”

Related posts

බැඳුම්කර වංචාවේ තවත් රහස් වාර්තාවක් එළියට !

colombotoday

රංජිත් සොයිසාගේ පුරප්පාඩුවට එජාප මන්ත්‍රීවරයෙක් !

colombotoday

හරක් කටා රක්ෂිත බන්ධනාගාරයට

Admin

කළුතරට අද විශේෂ ආරක්ෂාවක්

Admin

ආසියාවේ හොඳම මුදල් ඇමති වූ නිසයි මාව ගැලෙව්වේ. – රවී කරුණානායක කියයි

colombotoday

අගමැති උදේ පාන්දරම මැතිවරණ නීති කඩයි.. මැ.කො. ගේ නියෝග නොතකා කළ වැඩේ මෙන්න

colombotoday