Colombo Today Local News

සෞඛ්‍ය රීති කඩකල ආයතන පරිපාලකයින් 1,223කට නඩු

ආයතන තුළ නිසි සෞඛ්‍ය මාර්ගපදේශයන් අනුගමනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ක්‍රියාත්මක මෙහෙයුම් යටතේ මේ වන විට ආයතන 9,495ක් පරීක්ෂාවට ලක්කර තිබේ.

ඉන් නිසි මාර්ගෝපදේශ අනුගමනය නොකළ ආයතන පරිපාලකයින් 1,223 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර, මුහුණු ආවරණ නොපැලදීම් සහ දුරස්ථභාවය තබා නොගැනීම් සම්බන්ධයෙන් ඊයේ (29) දිනය තුළ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ දී එම රීතින් කඩකල පුද්ගලයින් 2,853 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

තොප්පිගල නිරන්ච්වේලි රක්ෂිතයේ වැලි ජාවාරමක්

colombotoday

අයවැය ප්‍රකාශය : පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන ජනපති හෙළි කරයි

Admin

කුරුණෑගල DIG ත් මාරු කරයි

colombotoday

රතන හිමිත් භාරකාර ආණ්ඩුවක් ඉල්ලයි…

colombotoday

ඇඟ බැලුවනම් අර්ජුන, දුලිප් ක්‍රිකට් ගහන්නේ නෑ… – භානුක ඉල්ලා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක්.

colombotoday

සංචාරක වීසා මත ගෘහ සේවිකාවන් අද සිට රට යැවීම තහනම්

Admin