Colombo Today Local News

ලොරි රථ පහක පටවා මී ගවයින් ප්‍රවාහනය කළ පිරිසක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව නීති විරෝධීව මී ගවයින් එකසිය තුන් දෙනෙකු ලොරි රථ පහකින් ප්‍රවාහනය කළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සියඹලාණ්ඩුව මහකලුගොල්ල පොලිස් මාර්ග බාධකයකයේදී පොලිසිය විසින් සිදු කල හදිසි පරික්ෂාවකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සියඹලාණ්ඩුව මහකලුගොල්ල ප්‍රදේශයේ සිට ලුණුගම්වෙහෙර දක්වා මෙම ගවයින් ප්‍රවාහනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම මී ගවයින් ලොරි රථ තුළ ඉතා හිංසාකාරී ලෙස ගාල් කර තිබූ බවද පොලිසිය සඳහන් කළා.

මෙම සැකකරුවන් මෙම ගවයින් ජාවාරම දීර්ඝකාලයක සිට සූක්ෂම ලෙස පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් පහත් පනහහත් අතර පසුවන්නන් බවයි සියඹලාණ්ඩුව පොලිසිය පැවසුවේ.

සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

අලුත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කැබලි 10කට වෙන් වෙයි… උතුරේ පොලිසිය මෙහෙයවීම බෙදුම්වාදීන් අතට…

colombotoday

බදියුදීන් බිලියන ගණනක් රටින් පිට කිරීමේ සූදානමක !!

colombotoday

කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් වෙඩි තැබීමකින් මරුට

Admin

අතුරුදන් වූ කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට

Admin

හාල් පෝලිම් පොල් පෝලිම් ඇතිවෙලා අනුරට රට කරන්න බෑ

Admin

ගිනිගත් නෞකාවේ හිමිකරුවන්ගෙන් මිලියන 340ක් ඉල්ලයි

colombotoday