Colombo Today Local News

රුසියාවේ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනයට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනය ලබා දෙන කොවිඩ් එන්නතේ පළමු ප්‍රදානය පෙබරවාරි මස මැද භාගයේ දී ශ්‍රී ලංකාවට ලැබෙන බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි.

එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ සැලසුම සලකා බලා එම සංවිධානය මෙම තීරණයට එළැඹ ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට විස්සකට එන්නත් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වන බව විශේෂ නියෝජිතවරයා අවධාරණය කර සිටී. මාස හයක වැනි කාලයක් තුළ එන්නත් වරින් වර ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදීමට සූදානමින් සිටියි. තවද මෙහි දී ෆයිසර් හෝ ඇන්ට්‍රා සෙනිකා එන්නත ලැබෙනු ඇතැයි විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් කරණය පසුගිය ඊයේ (29)දින බස්නාහිර පළාතේ රෝහල් 09 කදී සිදු කරන ලදී. එදින සෞඛ්‍ය සේවකයින් 2000කට පමණ එන්නත ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේය. දිවයින පුරා මධ්‍යස්ථාන 4000කදී එන්නත් ලබාදීම අද (30)දින ආරම්භ වන අතර එය දින පහකින් අවසන් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජනගහනයේ සියයට 50කට පමණ එන්නත් ලබාදීම කඩිනමින් සිදු කිරීමේ අරමුනින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහාද එන්නත් මිලියන දෙකක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත. එහි දී ෆයිසර් එන්නත ලබා ගැනීමට සැළසුම් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛදය අමල් හර්ෂ ද සිල්වා පැවැසීය.

තවද රුසියාවේ හා චීනයේ නිෂ්පාදිත එන්නතක් ද ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. රුසියාවේ නිෂ්පාදිත එන්නත ශ්‍රී ලංකාවේ නිපදවීම සඳහා යෝජනාවක්ද සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව ඔහු අනාවරණ කළේය.

පන්නල හා හොරණ පිහිටි එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලා දෙකක දී එම එන්නත නිෂ්පාදනය කළ හැකි බව ඔහු ප්‍රකාශ කරයි. තවද ඒ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන රුසියාවේ එන්නත් නිෂ්පාදන සමාගම සමග පසුගිය සතියේ දුරකතන සංවාදයක්ද පවත්වා තිබේ.

Related posts

හෙරොයින් සමහ කතක් බියගමදී අත්අඩංගුවට

colombotoday

ලංගම සේවකයින්ගේ වන්දි ගෙවීම් තාවකාලිකව නවතයි

colombotoday

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න | ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් සපයමින් සංහිදියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතුයි.- ඉන්දියාව

colombotoday

රවී කියපු අයවැය මහින්දටත් තේරිලා නෑ… අතර මගදී පිටව ගිහින් – Video

colombotoday

මීගමුව පාළු ඉඩමකින් අවි සහ උණ්ඩ තොගයක් හමුවෙයි…

colombotoday

ඇහැලියගොඩ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසාදමයි

colombotoday