World

චීන ජාතික කොඩියට අපහාස කළ හොංකොං හි ප්‍රමුඛ ශිෂ්‍ය ක්‍රියාධාරි තරුණයා ට සිරදඬුවම්

හොංකොං හි ප්‍රමුඛ ශිෂ්‍ය ක්‍රියාධාරියෙක් ලෙස සැලකෙන ටෝනි චංග් ව සිරගත කර තිබේ. ඒ, චීන “ජාතික කොඩිය”ට අපහාස කිරීමේ චෝදනාවට ය.

පසුගිය මැයි මාසයේ පැවති විරෝධතාවයක් අතරතුර එම සිදුවීම වාර්තා විණි.

19 හැවිරිදි ටෝනි චංග් ට එරෙහිව නඩු විභාගය මේ මස මුල පැවති අතර ඔහු වසර 3ක් දක්වා සිරගත කිරීමට ඉඩ තිබුණි.

නමුත් දඬුවම අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එය මාස 4ක් දක්වා සිර දඬුවමක් විය.

අධිකරණයේ නිගමනය වූයේ කොඩිය ඇදීමෙන්, කොඩි කණුව කඩා දැමීමෙන් සහ කොඩිය විසිකිරීමෙන් “ජාතික කොඩියේ අභිමානය” ඔහු විසින් නොසලකා හැර ඇති බවය.

Related posts

අමෙරිකාවෙන් තලෙබාන් සංවිධානයට අනතුරු අඟවීමක්

colombotoday

පකිස්ථානයේ කුමන්ත්‍රණය සාර්ථකයි. – ඇමරිකාවට ගැති නොවුණු අගමැති ඉම්රාන් ඛාන් නෙරපයි.

colombotoday

MH17 මගී ගුවන් යානය විනාශ වූයේ රුසියන් මිසයිලයකින් – තහවුරුයි

colombotoday

ප්‍රබල භූ කම්පනවලින් පීඩා විඳි තුර්කියට ගංවතුරක්

Admin

නෙදර්ලන්ත මැතිවරණයෙන් මුස්ලිම් විරෝධී විල්ඩර්ස් පරාදවන ලකුණු

colombotoday

නයිජර් හි පාලනය හමුදාව සියතට ගනී

Admin