Colombo Today Local News

කොටවෙහෙරගල යාය කදු රක්ෂිතයේ ගින්නකින් අක්කර සියයකට වඩා හානී

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරුණගම ග්‍රාම නිලධාරී වසමට අයත් කොටවෙහෙරගල යාය කදු රක්ෂිතයේ ඊයේ (2)දින රාත්‍රියේ හටගත් ගින්නකින් අක්කර සියයකට වඩා ගිනිගෙන විනාශ වී තිබේ.

පස්වරුවේ හටගත් ගින්න රාත්‍රි පුරාවටම කදු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර පසුව වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න පාලනය කිරීම සදහා කටයුතු කර ඇත.

මේ දිනවල ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න පාලනය කිරීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇති අතර ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇති බවයි පැවසේ.

කිසියම් පුද්ගලයකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැකපල කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය සහ වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් විමර්ශන සිදු කරයි.

Related posts

හමුදා කදවුරු නිරීක්ෂණයට එක්සත් ජාතීන් අවසර ඉල්ලයි…

colombotoday

රාජ්‍ය ආයතනවල ‘නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී’ අනුමැතිය ලබා ගැනීමට කමිටුවක්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ නඩුව අද සිංගප්පූරු අධිකරණයකදී කැඳවයි

Admin

අහක යන මිසයිලයක් වැටී හෝ ආණ්ඩුව කුඩුපට්ටම් වනතුරු පිරිසක් බලා ඉන්නවා

Admin

ඇමති කරට අත දාලා අපිව රැවැට්ටුවා

Admin

STF කඳවුරු 3ක් හුදකලා කරයි

colombotoday