World

අභ්‍යවකාශයටත් සංචාරකයින් | ප්‍රවේශ පත්‍රයක් ඩොලර් 250,000යි

ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශයට සංචාරකයින් පිරිසක් ගෙන යන බව පවසන්නේ මීට දශකයකට පමණ පෙර සිට ය. ඒ අනුව තම පළමු ගමන ජූලි 11 හෝ ඊට ආසන්න දිනයකදී සිදුකරන බව බ්‍රැන්සන් පවසයි.

යුනිටි රොකට් ගුවන්යානයේ මගියෙක් ලෙස ඔහුද එම ගමනට එක්වීමට නියමිතය. එම යානය නිර්මාණය පසුගිය දශක දෙක පුරා සිදුකෙරිණි. ඒ වර්ජින් ගැලක්ටික් නම් සමාගම විසිනි.

එම යානයට කිලෝ මීටර් 90ක් එනම් අඩි 295,000ක් පමණ ඉහළ යා හැකිය. එවිට යානයේ සිටින අයට තමන්ගේ බර අහිමි වූ බවක් දැනීමට ඉඩ ඇති බව සඳහන් වේ.

එසේම පෘථිවි වක්‍රය හොඳින් දර්ශනය වීමට ද අවස්ථාව ලැබෙන බව පැවසේ.

අභ්‍යවකාශයට වාණිජ ගුවන්ගමන් ආරම්භ කිරීම ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අරමුණ වේ.

මේ වනවිට පුද්ගලයින් 600ක් පමණ ඒ සඳහා මුදල් ගෙවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

එක් ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර් 250,000ක් පමණ වෙතැයි සඳහන් වේ.

මේ අතර ලොව සිටින බිලියනපතියන් අතුරින් ඉදිරියෙන් ම සිටින ජෙෆ් බෙසොස් ද අභ්‍යවකාශයට සංචාරක ගමන් සංවිධානය කිරීමට සූදානම් වෙයි.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාණ්ඩ වෙළෙඳාම නව මගකට හැරවූ ඇමසන් වෙබ් අඩවියේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් පැවසුවේ තම යානයේ මංගල ගමන ජූලි 20 වනදා ඇරඹෙන බවය.

මේ වනවිට ඔහු සමග අභ්‍යවකාශ ගමනට ඔහුගේ සොයුරු මාක්, සහ ප්‍රකට ගුවන් නියමුවරියක් වන වොලි ෆන්ක් ද එක් වී සිටී.

Related posts

කතක් අමෙරිකාවේ පාසලකට වෙඩි තබයි

Admin

ඉන්දියාවෙන් දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 57,704 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

ධවල මන්දිරයෙන් ඉවත්වන්නට ට්‍රම්ප් ගෙන් කොන්දේසියක්

colombotoday

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

කෝලිගේ කුඩා දියණියට අන්තවාදීන්ගෙන් දූෂණ තර්ජන !

colombotoday

කුරුබානි ඉස්ලාම් සත්ව ඝාතන චාරිත්‍රය තහනම්. – අධිකරණයත් අනුමත කරයි.

colombotoday