World

එන්නත කෙරෙහි පමණක් විශ්වාසය තැබීම බරපතළ වරදක්

එන්නත් කෙරෙහි පමණක් පූර්ණ විශ්වාසය තබා කිසියම් රටක් කොරෝනා මර්දනය කිරීමට කටයුතු කරන්නේ නම් එය බරපතළ අත්වැරැද්දක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනොම් ගෙබ්‍රියේසස් මෙම අනතුරු ඇඟවීම සිදුකරන ලද්දේ පෙරේදා (01)දින සූරිච් නුවරදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සෑම රටක් විසින්ම සිදුකරන ආසාදිතයන් අනාවරණය කර ගැනීමේ පරීක්ෂණ අඩුකිරීමකින් තොරව අඛණ්ඩව සිදුකළ යුතු බවද වෛද්‍ය ඇඩනොම් එහිදී අවධාරණය කළේය. එසේම එන්නත් භාවිත කළද නොකළද සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු අනිවාර්ය සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම කෙරෙහි තවදුරටත් පූර්ණ විශ්වාසය තැබිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Related posts

හින්දු මුස්ලිම් ගැටුමක්

colombotoday

පැරිස් නුවර මාසයක් ලොක්ඩවුන්

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් සොයා ප්‍රංශ පොලීසිය පැරීසිය පීරයි… පල්ලිවලත් සෝදිසි මෙහෙයුම්

colombotoday

“බරපතල යුධමය ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වේවි.” රුසියාව ෆින්ලන්තයටත් තර්ජනය කරයි

colombotoday

ඇපල් සමාගමට යුරෝ මිලියනයක දඩයක්

Admin

නොමිලේ හද වටේ රවුමක් යන්න 08දෙනෙකුට අවසථාව

colombotoday