Colombo Today Local News

රත්නපුර රෝහලේ වාට්ටු 3 ක් වැසෙයි.. 101 ක් නිරෝධායනයට

රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු හෙද සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරුවීමෙන් වාට්ටු තුකක් වසා ඇති අතර පළමු පෙළ ආශ්‍රිත කාර්ය මණ්ඩලය සාමාජිකයන් ඇතුලු 101 දෙනෙක් නිරෝධායනයට ලක්කර ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ රොද්‍රිගු මහතා අද (06)දින පැවසීය.

මේ හේතුව නිසා කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීමෙන් රත්නපුර මහ රෝහලේ 24, 25 වාට්ටු සහ 6 වාට්ටුවේ කොටසක් වසා දමා ඇති බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා කීවේය.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිසාපති කාර්යාලයේ දී 06දා පැවති මාධ්‍ය හමුවකදී රෝහල් අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසීය.

එක් වෛද්‍යවරයෙක්, හෙද කාර්යය මණ්ලයේ හතර දෙනෙක් සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ නව දෙනෙකුට මෙසේ කෝවිඞ් ආසාදිත බව තහවුරු වීමෙන් පසු ඔවුන් පල්ලෙකැලේ, ඇඹිලිපිටිය සහ කහවත්ත යන ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ගන්නා බව ද පැවසීය.

මෙම පහළොස් දෙනාගේ පළමුපෙළ ආශ්‍රිතයින් 101දෙනෙක් මේවනවිට නිරෝධායනයට ලක්කර ඇති බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසුවේය.

ඔවුන්ගෙන් 60දෙනෙක් සිය නිවෙස්වලද, 41දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලද නිරෝධායනයට ලක්කර ඇතිබවත් වෛද්‍ය අනෝජ රොද්‍රිගු මහතා සඳහන් කළේය.

නිරෝධායනයට ලක්කර ඇති පිරිස අතර රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් ද වෙයි.

මේ තත්ත්වය නිසා රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට තම සායනයෙන් නිකුත් කරන වෛද්‍ය නිරීක්‍ෂණ සහ බෙහෙත් නියම කරන පොත රැගෙන ගොස් ආසන්නම පළාත් රෝහලකින් අවශ්‍ය ඖෂධ තාවකාලිකව ලබාගන්නැයි ඉල්ලීමක් ද කළේය.

දැනට විවෘත කර ඇති වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන් බැලීම සඳහා නොපැමිණ සිටිය හැකි නම් එය වෛරසයේ පැතිරයාම වැලැක්වීමට විශාල පිටිවහලක් වනු ඇතැයිද රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

Related posts

පොලිසියේ කනෙන් රිංගා, අගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලඩියා රටින් පැන යයි !

colombotoday

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday

එජාප මැයි පෙළපාලියේ ගැහැණු ඇදුම් ඇදගත් පිරිමින් දෙපිරිසක් ගුටි ඇණගනී.. තුනකට තුවාල

colombotoday

පැනමා රහස් ලේඛණවලින් ලංකාවේ මෙගා ඩීල් එළියට !

colombotoday

පළාත් 5 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළට

colombotoday

එන්නත් මාත්‍රා දෙකක් ගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්

colombotoday