Colombo Today Local News

වැට් වැඩි කළේ රාජපක්ෂලා නිසයි.. එන අවුරුද්දේ අඩු කරනවා.. එතකොට මට දුප්පතාගේ හිතවතා කියයි

ravi 125වැට් බද්ද වැඩි කිරීමට ආණ්ඩුවට සිදුවූයේ රාජපක්ෂ රජය ලබාගත් ණය ගෙවීමට ඇති නිසා බවත්, එසේ වුවද වැට් බද්ද ලබන වසරේ අඩු කිරීමට පියවර ගන්නා බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඊයේ බ්ලූමැන්ඩල් පෙදෙසේ වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේරටේ ආර්ථිකය කාපු අයට මම කියනවා පන්සල් ගානේ යන්නේ නැතුව පාර්ලිමේන්තුවට ඇවිත් අපිත් එක්ක විවාද කරන්න කියලා. සලාවට මුදල් වෙන් කරලා තියෙන්නේ. නමුත් එය ලැබීම සෙමින් සිදුවෙන්නේ. සාලාව සිදුවීමෙන් යැපෙන බංකොලොත් දේශපාලඥයිනුත් ඉන්නවානේ. ඔවුන් උසිගන්වලා උද්ගෝෂණයක් කරනවා. මාධ්‍යයත් ඒක පෙන්වනවා.

වැට් වේවා එන්බීටී වේවා මේබදු දෙකෙන් එකක් අයකිරීම තමයි ආණ්ඩුවේ කාර්ය වෙන්නේ. මේදෙකෙන් අඩු බරක් තිබෙන වැට් එක. ඒනිසා වැට් අයකරන්න අපි තීරණය කළේ. ඒකෙ මේ රාජපක්ෂ ණය ගෙවන්න තමයි මේ ගන්නේ වෙදේකට නොවෙයි. මට සරදියෙල්, වැට් මෑන්, බැට් මෑන් කියලා එක එක නම් කියනවා කොහොම උනත් අවසානයේදී වැඩිකල් යන්න කලින් ජනතාවගේ හිතවතා කියලා ඔබලාම මට කියාවි. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ජනපති කියන දේ නොකරන, නොකෙරෙන දේ කියන අයෙක්.. ඔහුගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ

colombotoday

රට Lock Down කළොත් එදා වේල හම්බකරන් කන මිනිස්සුන්ට මොකද වෙන්නේ ?

colombotoday

තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රියක් සැප්තැම්බර් 15 වනදා සිට

Admin

මැණික් තොගයක් සමඟ පුද්ගලයෙක් වටලයි

colombotoday

ඥානසාර හිමිගෙන් භික්ෂුන් වහන්සේලාට සංවේදී ලිපියක්

colombotoday

දේශීය ඖෂධ ජනතාවට ලබා දෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday