Colombo Today Local News

අධිකරණයට අපහාස කලා යැයි වෛද්‍ය පාදෙණිය ට එරෙහි පැමිණිල්ලට අදාළ ලිඛිත දේශන කැඳවීම මැයි මස 10 වන දා

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ට අදාළ ලිඛිත දේශන මැයි මස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (03)දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුනි.

මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබූණි.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව වග උත්තරකරු විසින් සිදුකළ ප්‍රකාශය අඩංගු සංයුක්ත තැටියක් ඉදිරිපත් කිරිමට අවසර ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා විරෝධය පළ කළේය.

ඉන් අනතුරුව මෙම කරුණට අදාළව මැයි මස 10 වනදා ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියම කළේය.

2017 වසරේ කොළඹ පැවැති මහජන රැස්වීමකදී මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙණිය මහතා කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Related posts

මහින්ද අගමැති.. නාමල් විදේශ ඇමති.. ඒකාබද්ධ විපක්ෂ ෂැඩෝ කැබිනට්ටුවේ ඇමතිවරු මෙන්න

colombotoday

උතුරේ ඊලම්කාරයින් හා මන්ත්‍රීලා ඥානසාර හිමි පස්සේ හඹායාම නීතියේ අධිපත්‍යය ගනිකාවක් සේ සැලකීමක්

colombotoday

ප්‍රබල ඇමතිගෙන් වාහන බදු සහන කැබිනට් යෝජනාවක්.. කෝටි 1800ක් රජයට පාඩුයි !

colombotoday

තර්ජනයක් විය හැකි විශාල ගස් ඉවත් කරන්න පියවර

Admin

ඥාණසාර හිමි ඇප මත නිදහස්

colombotoday

මහර ගැටුම – මියගිය රැදවියන් 06කගේ සිරුරු හඳුනාගනී

colombotoday