Colombo Today Local News

අණ නොතකා ගිය කැබ් රියකට වෙඩි

බලපත්‍ර නොමැතිව දැව තොගයක් රැගෙන ගිය කැබ් රථයකට ඕමන්ත මානික්කර්වලවු ප්‍රදේශයේ දී යුද හමුදාවෙන් වෙඩි තබා තිබේ.

වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි ඕමන්ත පොලිසිය පැවසුවේ.

අදාළ රථය නැවැත්වීමට යුද හමුදාව විසින් උත්සහ ගත්තද රථය අණ නොතකා ධාවනය කර ඇති බව පොලීසිය පැවසිය. ඒ අනුව කැබ් රථයට වෙඩි තැබීමට පියවර ගෙන තිබේ.

වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණෙ වවුනියාව සේමමඩු පදිංචි උලගනාදන ප්‍රසාද්(39) සහ නවරත්නරාසා සජීවන් (21) නැමති පුද්ගලයින්.

වෙඩිවැදී තුවාල ලබා සිටි පුද්ගලයින් යුද හමුදාව විසින් වවුනියාව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු පවසාසිටියේ.

Related posts

යාපනය ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනයක් නෑ

colombotoday

වැවෙන් වතුර බොන්න එන ගැබ්බර ඇතින්නක් වෙඩි තබා මරා දාලා

Admin

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රතන හිමි සටනට

colombotoday

මිලේච්ඡ ඉස්ලාම් ත්‍රස්තයන් ලක්මව හඩව අදට මාසයයි….

colombotoday

ජනවාරි 1 වැනි දා සිට වැට් බද්ද 18%ක් දක්වා ඉහළට

Admin

ගංවතුර අස්සේ ETCA අත්සන් කරන්න පිඹුරුපත් සැකසේ

colombotoday