Colombo Today Local News

එල්ල වූ චෝදනාවකින් ගෝඨා නිදෝස්කොට නිදහස්… KDU ගැන මහාචාර්ය කාලෝ පැහැදිළි කරයි (Video)

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය හා සම්බන්ධව මතුව තිබෙන ගැටළුවේදී, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය පාලන සමයේදී කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය ආරම්භ කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී කරුණු පැහැදිළි කළේය.

මහාචාර්යවරයා සදහන් කළේ, කොතලාවල වෛද්‍ය පීඨය ඉතා ඉහළ තත්ත්වයේ තිබුණු බැවින් තමන් ඊට අනුමැතිය දුන් බවයි. අධිකරණය තීරණය කළ පලියට පහළ ප්‍රමිතියෙන් යුතු පුද්ගලික ආයතනයකින් බිහිකරන වෛද්‍යවරුන්ට අනුමැතිය දී රෝගී ජීවිත අනතුරේ හෙළීමට තමන් සූදානම් නැතිබවද ෆොන්සේකා මහතා අවධාරණය කළේය.

“ත්‍රිවිධ හමුදාවේම වෛද්‍යවරුන්ගේ හිඟයක් තිබුණා. ඉතින් ඒ නිසා වෛද්‍ය පීඨයක් ඇති කිරීම අපේ අරමුණ වුණා. අනෙකුත් වෛද්‍ය පීඨවලට සමානවම මෙහි අවශ්‍ය කරන ප්‍රමිතිය තිබෙනවා. සමහරුන් කියනවා මම බලහත්කාරයෙන් එය ඉටු කළා කියලා. ඒක ඇත්තද කියලා මහාචාර්ය කාලෝ ෆොන්සේකා සාක්ෂි දරයි.” යනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අදහස් දක්වමින් පැවසීය.

Related posts

හිටපු ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ අතර වූ දුරකථන සංවාදය

colombotoday

පයාගල පොලීසිය තුලදී සැකකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කරයි

Admin

විමල් වීරවංශට නොතීසි

Admin

රුසියාවෙන් පැරණි යුද නැවක් ගන්න ජනපති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

colombotoday

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතීන්ට යළිත් එම ඇමැති ධුර දෙන්න – අගමැති ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

විරෝධය තාවකාලිකව නවතී.. මුරුත්තෙට්ටුවේ හිමි ජනපති හමුවෙයි

colombotoday