පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් 8 දෙනෙකුට එම පීඨයේම දෙවන වසරේ සිසුන් 15 දෙනෙකු අමානුෂික ලෙස නවක වදය දෙමින් සිටියදි පේරාදෙණිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහනුවර මහේස්ත්‍රාත් රන්ඡනී ගමගේ මහත්මිය විසින් මාර්තු 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලබන ලෙස අද (20) නියෝග කළේය.
පේරාදෙණියේ ගිදගල ප්‍රදේශයේ නිවසක් මසදෙකකට කුලියට ගෙන පදිංචි වී සිටි මෙම පිරිස නිවෙස්වල සිට පැමිණෙන සිසුන් සවස මෙම නිවසට ගෙනගොස් මෙසේ නවකවදය ලබාදී ඇති අතර එම සිසුන් පිරිස මේවනවිට පේරාදෙණිය රෝහලේ ප්රතිකාරගනිමින් සිටිනවා.