තමන් වෘත්තීය පදනමක් සහිතව ඉතා මහන්සියෙන් රටේ නීත්‍යානුකූලව ඉදරියට පැමිණි අයෙක් බවත්, වංචාකාරයෙකු නොවන බවත්, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
තමන්ට එරෙහිව චෝදනා නගන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව අපහාස නඩුවක් දමා ඔහුට හොද පාඩමක් උගන්වන බවත් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදීය.
ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළෙහි අටවන හෙළිදරව්ව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ඊයේ (15) දිනයේ දී සිදුකරන බව ගම්මන්පිල මහතා පවසා සිටියේ ය.