Colombo Today Local News

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් ආසාදිතව මියයයි

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාසයකට ආසන්න කාලයක් කොළඹ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඒ මහතා පසුගිය සතියේ කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් පසු ඊයේ (28) සවස මියගොස් ඇත.

මියයන විට ඒ මහතා 45 හැවිරිදි වියේ පසුවිය.

මේ අතර පසුගිය ජූලි මස 11 වන දා අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වුණි.

Related posts

නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තියලා

Admin

මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක බලපත්‍ර තවදුරටත් අත්හිටුවයි

Admin

කළුතර හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

වියට්නාම මුහුදු සීමාවේදී බේරාගැනුණු ලාංකිකයින් පිරිසක් පිටුවහල් කරයි

Admin

රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව: නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් 3ක් නිදොස් කොට නිදහස්

Admin

පාසල් සිසුන්ට ගෙදර ඉදන් ඉගෙන ගන්න රූපවාහිනී නාලිකා 20ක්

colombotoday