Colombo Today Local News

අපු‘ර රෝහලේ ඔක්සිජන් සිලින්ඩර්වල තඹ කම්බි උස්සලා

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ගෙනවිත් තිබූ ඔක්සිජන් සිලින්ඩර්වලට යොදා ගන්නා ලදැයි කියන තඹ දඟර හයක් නාදුනන පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇති පොලිසිය කියයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ (අංක 38) වකුගඩු ඒකකයේ අගුළුලා තිබූ ඔක්සිජන් කාමරයේ ඉබි යතුරු කඩා ඔක්සිජන් සිලින්ඩර්වලට යොදා ගන්නා තඹ දඟර (06) සොරා ගෙන ගොස් ඇත.

මෙම සිද්ධිය පිළිබඳව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නිලධාරියකු රෝහල් පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව මූලික පරීක්ෂණ ආරම්භ කර ඇත.

සොරාගන්නා ලද තඹ දඟර වල වටිනාකම දළ වශයෙන් රුපියල් ලක්ෂය ඉක්මවනු ඇතැයි පොලිස් විමර්ශනවල දී හෙළිදරව් වී ඇත.

Related posts

රිෂාඩ් ගේ නඩුවෙන් තුන් වන විනිසුරුත් ඉල්ලා අස් වෙයි. | ඒ නිසා ඇප ඉල්ලන්න බැරි වූ බව ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

colombotoday

ක්ෂේත්‍ර තුනකින් බදු ඉවත් කරන්නැයි අගමැතිට ඉල්ලීම්

colombotoday

තේ – ඇස්බස්ටස්වල හිරවුණ ප්‍රතිපත්තියක් නැති අපේ විදේශ ප්‍රතිපත්ති

colombotoday

ඥානසාර හිමිට නිදහස පතා අද සවස 2ට කොළඹ කොටුවේදී සත්‍යග්‍රහයක්

colombotoday

LMG අවිය TIDයෙන් එළියට ගත්තේ මෛත්‍රී,මහින්ද,ගෝඨාභය ඝාතනය කිරීමටයි….

colombotoday

මෛත්‍රී ජනපති ධුරයට සමු දෙයි !

colombotoday