Colombo Today Local News

SAITM තාවකාලිකව අත්හිටුවක්.. රජයේ තීරණය දැනුම් දෙයි !

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විසඳුමක්‌ ලබාදෙන තෙක්‌ සිසුන් බඳවා ගැනීම මාස හයකට අත්හිටුවීම ඇතුළු කරුණු හතරක්‌ සම්පූර්ණ කර ගන්නා ලෙස ‘සයිටම්’ ආයතනයට දැනුම් දීමට උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13 වැනිදා) සවස පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී ඇත.

උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යවරයා සමග උසස්‌ අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ගේ්‍රරු, උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. සී. දිසානායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය පී. එස්‌. එම්. ගුණරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වය ඇතිව සමස්‌ත වෛද්‍ය පීඨ අටෙහිම පීඨාධිපතිවරුන් සහ නියෝජිතවරුන් ඊයේ (13 වැනිදා) සවස අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී සාකච්ඡාව පවත්වන ලදී. එම රැස්‌වීමේදී පහත දැක්‌වෙන තීරණයන් ඒකමතිකව ගෙන ඇත. එම කරුණු මෙසේය.

1. SAITM ආයතනයේ වර්තමාන වෛද්‍ය උපාධි වැඩසටහන පිළිබඳව උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය මගින් කාලීන සමාලෝචනයක්‌ කරන තෙක්‌ එම පීඨයට වෛද්‍ය සිසුන් ඇතුළත් කර ගැනීම මාස හයක කාලසීමාවක්‌ සඳහා අත්හිටුවන ලෙස Sදමඑය Asස්‌බ ෂබිඑසඑමඑe දෙ ඔeජයබදකදටහ aබා පැdසජසැබැ (SAITM) හි පරිපාලනයට යෝජනා කිරීමට

2. අවසන් ඵඊඊS විභාගය සමත් සහ SAITM ශිෂ්‍යයන් ශල්‍ය වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය සහ ප්‍රසව විද්‍යාව සහ ළමා වෛද්‍ය වේදය පිළිබඳව එක්‌ එක්‌ ක්‍ෂේත්‍රය සඳහා මාසයක්‌ බැගින් රජයේ රෝහලක වැඩිදුර සායනික පුහුණුවක්‌ ලබාගත යුතු බවට සහ ඉහත කී සායනික පුහුණු කාලය අවසානයේදී, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන බලපත්‍රය ලබා දීමේ (ඛසජැබිසබට) විභාගයෙන් එම සිසුන් සමත් විය යුතුම බවට යෝජනා කිරීමට

3. එළඹෙන මාස හයක කාල පරිච්ඡේදය ඇතුළත දී, උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ අනෙකුත් පාර්ශවකරුවන් විසින් රජයේ නොවන වෛද්‍ය අධ්‍යාපනයට අදාළ කර ගත හැකි මෙහෙයුම් ක්‍රියාපටිපාටියක්‌ සකස්‌ කිරීමට කටයුතු කරනු ඇත.

4. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමග මෙම යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට පීඨාධිපතිවරු එකඟ වූහ.

දිවයින

Related posts

“රටට හෙණ ගැහුවත් අගමැතිට විහිළු.. ඔහු කවටයෙක් වෙලා” – ජී.එල්. පීරිස්

colombotoday

ඉල්ලුමට සරිලන සැපයුම් නෑ.. එළවලු මිළ ඉහළට.. කිලෝව 150 පනී

colombotoday

Google බැලුමෙන් රටටම නෙට්‍ දෙන්න හදන ඩිජිටල් ඇමති Google ලොක්කා සමග ගත්ත PHOTOS

colombotoday

ඩො. මි. 123ක පොහොර ව්‍යාපෘතියෙන් කැබිනට් ඇමතිවරයෙකු පගාව ඉල්ලලා

colombotoday

‘ස්පුට්නික් V’ පළමු එන්නත් තොගය දිවයිනට

colombotoday

අපනයනය කෙරෙන තේ වලට බලපත්‍ර ගාස්තුවක්

Admin