Colombo Today Local News

“වෙනම රටක් ඕනෑ කියා දැන් කැටපෝලයක්වත් උස්සන්නෑ“ – දඹර අමිල හිමි

කොටි නැති රටක දැන් උත්සහා කළ යුත්තේ පක්ෂ දෙක එකට එක්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගැනීම බව යහපාලනය සදහා වූ භික්ෂූ සංසදයේ, කථිකාචාර්ය දඹර අමිල හිමි පවසයි. කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් එහිමියන් මේ බව කියා සිටියේය.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් හැදීමේ ජාතික ව්‍යාපාරය නමින් හෙට අනිද්දා ලොකු ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් ඕනෑම අයෙකුට ඒ සමග එක්විය හැකි බවයි එහිමියන් පවසා සිටියහ.

අපි ඉතා විශිෂ්ඨ ගණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදා ගත යුතුයි. කොටි නැති රටේ මහා පක්ෂ දෙක එකතු වෙලා ඉන්න වෙලාවක කිසිවෙකුට බලයක් තනිවම යන්න ඉඩ නොදුණු තත්වයක මහජනයා දේශපාලනය ගැන අවබෝධයෙන් ඉන්න තත්වයක් තුළ, දැන් කවුරුත් දේශපාලනයම අදහස් තියා ගෙන අවි අරගන්නේ නෑ. උතුරේ යාපනේවත් පිස්තෝලයක්වත් අඩුම තරමේ කැටපොල්ලක්වත් උස්සන්නේ නෑ, ඊලාම් ඕනෑය ,වෙනම රටක් හදමු කියලා. එහෙම ඉන්නවා නම් සන්නද්ධ හමුදාව ඒකට අවශ්‍ය බෙහෙත් දෙනවා. යැයිද අමිල හිමි පවසා සිටියහ.

Related posts

ව්‍යවස්ථාව හරහා රට බෙදීම වළකමු ! අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබේ

colombotoday

ගෘහසේවිකාවන් ලෙස කාන්තාවන් විදෙස් ගත වීමට විරුද්ධයි

colombotoday

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට විශේෂ ගුවන් යානය වූහාන් බලා පිටත් වෙයි !

colombotoday

WHO නිර්ණායකවලට අනුව අලුත් මරණ සහතිකයක්

Admin

“සුළු ජාතීන්ට අසාධාරණයක් වෙලා.. ඔවුන් නොසතුටින් නිසා මූහුණුවල ලේ බිදුවක් පේන්න නෑ” – ජනපති

colombotoday

කරුණා ශ්‍රීලනිප ය හැර යයි. ආනන්ද සංගරි සමග එක්වෙයි.

colombotoday