Colombo Today Local News

රියදුරු ලෙඩවී බස් රිය පෙරළෙයි

නුවරඑළිය, හයිපොරස්ට් ප්‍රදේශයේ සිට රාගල දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 15දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ මගීන් නුවරඑළිය මහ රෝහලට සහ හයිපොරස්ට් ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව රාගල පොලීසිය පැවසිය.

අද (29)දින උදෑසන 11.30ට පමණ එම අනතුර සිදුව ඇත්තේ, හයිපොරස්ට් රාගල ප්‍රධාන මාර්ගයේ, මහතුඩුගල ආසන්නයේදීය.

අනතුරෙන් තුවාල ලැබු තුවාලකරුවන් ප්‍රදේශවාසින්ගේද සහය ඇතිව රෝහල් ගතකළ බවත්, රෝහල් ගතකළ තුවාලකරුවන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන රාගල පොලීසිය සඳහන් කරයි.

බස් රථය ධාවනය කළ රියදුරාට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ධාවනය වෙමින් තිබු බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් එම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

Related posts

පුංචි ඡන්දයේ වියදම් සීමා ගැන අපේක්ෂකයින් දැනුවත් කරන්න විශේෂ වැඩසටහනක්

Admin

ගයත්‍රිගේ මවවත් කොරෝනට බිලි වෙයි

colombotoday

ලිංගික අල්ලස් ගන්න ගිය කල්මුනේ පොලීසියේ එස් අයි ට වැඩ වරදී

Admin

විද්‍යුත් බස් රථ ආනයනයට ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය

Admin

ජවිපෙ 20ට එරෙහිව ගම්මන්පිල අධිකරණයට…

colombotoday

කාපු ගුණයවත් නෑ, මහින්දගෙන් කාලා මෛත්‍රීගෙ ගුණ වයනවා – මුස්ලිම් සමුළුවේදී ෆවුසිට කොක්කක්

colombotoday