පාර්ලිමේන්තුවේ කතානායක අසුන ඊයේ පෙරළි බිම ඇද වැටුණා. මෙලෙස කතා නායක පුටුව බිම ඇද වැටී ඇත්තේ මෙරට පාර්ලිමේන්තු සම්ප්රධාය ආරම්භ වූ පසු මුල්වරට බවයි වාර්තා වන්නේ.
මූලාසනයේ සිටි ආනන්ද කුමාරසිරි මන්ත්රීවරයා ඉන් ඉවත්ව යාමේදී එසේ මූලසනය පෙරලී ගියේය.
එම අවස්ථාවේ අදහස් දක්වමින් සිටි මන්ත්රී මහින්දානන්ද අලූත්ගමගේ කියා සිටියේ පාර්ලිමේන්තු ප්රධාන ආසනය පෙරලී යාම ආණ්ඩුවට ඉතා අසුබ ලකුණක් බවත් මෙය සිදු වූයේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට බවයි.