Colombo Today Local News

සාක්ෂි පරස්පරයි… සයිටම් වෙඩිල්ල කුමන්ත්‍රණයක්ද.. පොලීසියට සැකයක් !!

සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක්‌ උද්ගත වී තිබෙන බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම වෛද්‍ය සේනාරත්න මහතා ඝාතනය කිරීමේ අරමුණෙන් සිදු කළේද එසේත් නැත්නම් වෙනත් අරමුණක්‌ සඳහා කළ සැලසුමක්‌ද යන්න සොයා පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

දැනට සිදුකෙරෙන පරීක්ෂණ වලින් හෙලිව ඇත්තේ වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පෙර මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවට ගලකින් පහරදී ඇති බවයි.

එමෙන්ම වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ සයිටම් ප්‍රධාන විධායක නිලධාරීවරයා මෝටර් රථයේ ඉදිරි අසුනේ සිටියානම් ඔහුගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල වන බව පොලීසිය පවසයි.

රජයේ රස රස පරීක‍ෂකවරයා පැමිණ මෝටර් රථයේ රියදුරු අසුන අසල දොර විවෘත කිරීමේදී එහි වීදුරු කැඩි බිම පතිත වී තිඛෙනවා. එම නිසා ඔහු වෙඩි තබන අවස්ථාවේදී රියදුරු අසුනේ නොසිටි බවටයි පොලීසිය සැක කරයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සයිටම් ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතාගෙන් පොලිසිය ඊයේ (08 දා) දිනයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය. එහිදී වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් පදවා ගෙන ගිය මෝටර් රථයට ඉදිරිපසින් මුලින්ම වෙඩි ප්‍රහාර දෙකක්‌ එල්ල වූ බවයි.

ඒ සමඟම තමන් මෝටර් රථය තුළ එක්‌ පසෙකට ඇල වූ බවත් පසුව දකුණු පසින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් නැවතත් තමන් ඉලක්‌ක කර වෙඩි ප්‍රහාර දෙකක්‌ එල්ල කර පලා ගිය බවත්ය.

Related posts

ගිය මාස අටට මාස්ක් කෝටි 13යි. මේ මාස දෙකටත් කෝටි 13ක් ගේන්න අවසර අරන්

colombotoday

කඩුවෙල පාලම ගිලා බැසීමේ තත්ත්වයක්… වාහන ධාවනය වහා අත්හිටුවයි

colombotoday

කල් ඉකුත් වූ කදුලු වායු විනාශ කිරීමට නියෝග

Admin

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අරී

colombotoday

රටට යහපාලනය උදාකර වසරයි.. ප්‍රීතිය සමරා සතියක් තිස්සේ ජාතික කොඩි ඔසවන්නලු

colombotoday

මාර්තු 1 වනදා සිට 9 දා දක්වා කාලය ඇතුලත මෙරටට ඉතාලියෙන් පැමිණි 1000ක් වෙන්නප්පුව, හලාවත, මීගමුවේ නිදැල්ලේ…

colombotoday