Colombo Today Local News

කාන්තාවකට පහරදුන් ස.ජ.බ.යේ ආණමඩුව ආසන සංවිධායක අත්අඩංගුවට

සමගි ජන බලවේගයේ ආණමඩුව ආසන සංවිධායක සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී වඩිගමංගාව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබේ.

ඒ, ආණමඩුව – තට්ටෑව ප්‍රදේශයේ කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ඉඩම් ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු සැකකරු විසින් මෙම පහරදීම සිදු කළ බවට අදාළ කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික සමගි ජන බලවේගයේ ආසන සංවිධායක සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී වඩිගමංගාව ඇප මත මුදාහැර ඇති අතර, දෙපාර්ශවය කැඳවා ඉදිරියේ දී මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන බවයි පොලිසිය සඳහන් කරයි.

Related posts

ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය හරිනි අමරසූරියට

colombotoday

වල්ගම දියගම පාර කි.මී7ක් පුනරුත්තාපනයට මාලිමාණ්ඩුව කෝටි 244ක් වෙන් කරයි

Admin

මෝටර් රිය ගසක ගැටී පුද්ගලයකු මිය යයි

colombotoday

යුද හමුදාවේ සිටි පිරිස පොලිස් සේවයට බඳවා ගැනීමේ සැලැසුම

Admin

කෝටි 6ක හෂීෂ් තොගයක් රේගුවේදී මාට්ටු

Admin

සජිත් – මෛත්‍රී රහස් හමුවක් !

colombotoday