Colombo Today Local News

රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මියයයි

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

ගිරිබාව, බුලත්සිංහල, ගම්පහ, දඹුල්ල හා අක්කරෙයිපත්තුව යන පොලිස් බල ප්‍රදේශවල මෙම රිය අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි.

අක්කරෙයිපත්තුව කල්මුණේ මාර්ගයේ අඩ්ඩාලච්චේනෙයි ප්‍රදේශයේදී කැබ් රථයක ගැටීමෙන් අවුරුදු දෙකක් වයසැති කුඩා දරුවෙකු මියගොස් තිබේ.

නොසැලකිලිමත් ලෙස රිය ධාවනය නිසා අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

තම්මැන්නාව මැදගම මාර්ගයේදී අත් ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙලිමෙන් සිදූවූ අනතුරකින් 20 හැවිරිදි ගිරිබාව කටුපොතාන ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් තිබේ.

බුලත්සිංහල දවටගහ පාර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් මියගොස් ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙකි.

ගම්පහ මොරුපොල ප්‍රදේශයේදී යතුරු පැදියක් වේගය පාලනය කර ගත නොහැකිව විදුලි කණුවක ගැටීමෙන් 33 හැවිරිදි බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත්විය.

පොලීසිය පවසන්නේ, දඹුල්ල ඇටමුල හන්දිය අසලදි යතුරු පැදියක් වේගය පාලනය කර ගත නොහැකිව ගසක ගැටී අසල පිහිටි ඇළ මාර්ගයට වැටි එහි ගමන් ගත් 14 හැවිරිදි දඹුල්ල අරැව්වල ප්‍රදේශයේ පදිංචි දරුවෙකු මියගොස් ඇති බවයි.

මේ අතර අද උදෑසන පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ, කාන්තාවක් පැදවූ සුඛෝපභොගි ජිප් රථයකට යටවීමෙන් ඔහු මියගොස් ඇති බවයි.

කාන්තාවට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසී ය.

අනතුරින් මියගොස් ඇත්තේ 52 හැවිරිදි බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

රිය පැදවූ 52 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related posts

මගේ අමාත්‍යාංශයට දී ඇත්තේ බෝඩ් ලැලි අයතන 04ක් පමණයි… මගෙන් පලි අරන්…

colombotoday

පරිගණක පද්ධතියේ නඩත්තුව අවසන්.. ආගමන විගමන සේවා සාමාන්‍ය පරිදි

colombotoday

මඩකළපුව සියොන් දේවස්ථානයේදී පාස්කු වින්දිතයින් සැමරේ!

colombotoday

කුකුළු ගොවිපලක ගැටුමක් බේරන්න ගිය පොලිසියේ දෙදෙනෙකුට කඩු පහර

colombotoday

මහරගම බෝ ගහේ අත්තක් කඩා වැටේ

Admin

සුරාබදු කොමසාරිස්ගේ ගෙදරට බෝම්බ ගහයි !

colombotoday