Colombo Today Local News

කුකුළු ගොවිපලක ගැටුමක් බේරන්න ගිය පොලිසියේ දෙදෙනෙකුට කඩු පහර

උඩප්පුව කීරියන්කල්ලිය – සින්නකොළණිය ප්‍රදේශයේදී ගැමුටක් සමථයකට පත් කිරීමට ගිය උඩප්පුව පොලීසියේ ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයකු තවත් නිලධාරීයකු ගැටුමට මැදිවූ පුද්ගලයකු කැපුම් තුවාල සහිතව හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව උඩප්පුව පොලීසය කියයි.

උඩප්පුව පොලිස් වසමේ කීරියන්කල්ලිය – සින්නකොළණිය ප්‍රදේශයේදී 10 වැනිදා රාත්‍රී 11.00 පමණ ගැටුමක් සම්බන්ධයෙන් 119 පොලිස් හදිස් ඇමතුම් අංශයට ලැබුණු දැනුම් දීමකට අනුව මෙම නිලධාරීන් දෙදෙනා එය සමථයකට පත් කිරීම සඳහා එම ස්ථානයට ගොස් ඇත.

සිද්ධිය වූ ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනෙකු පවත්වා ගෙන යන කුකුළු ගොවිපලකට, රාත්‍රී ඇතුළු වී ඇති පුද්ගලයකු ගොවිපලේ හිමිකරුවන් හා මෙම ගැටුමක් ඇති කරගෙන ඇත.

එහිදී කඩු පහරක් වැදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා සහ කුකුළු ගොවිපලේ එක් හිමිකරුවකු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.

  • ලංකාදීප –

Related posts

සමන්තුරෙයි අගෝමාරි අම්මාන් කෝවිලට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – Photos

colombotoday

බුරවි දිවයිනෙන් ඉවතට |අදත් උතුරු, උතුරු මැද සහ වයඹට තද වැසි..

colombotoday

නැදුන්ගමුවේ හස්ති රාජයා මිය යයි

colombotoday

අත්අඩංගුවට ගැනීමට පෙර මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවගෙන් සටහනක්

colombotoday

(PHOTOS) වස විස නැති රටක්…

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday