Colombo Today Local News

ඇඳිරිනීතියෙන් පසු දුම්රිය යළි ධාවනයට සූදානම්

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ පසු කාර්යල දුම්රියන් පනහක් පමණ සේවයේ යෙදවීමට සුදානම් කර ඇති බව දුම්රිය ධාවන බල උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල) කේ.ජී.එස් බණ්ඩාර මහතා පවසයි.

අවම විවේක ගනිමින් නිරෝධාන ඇඳිරි නීති කාලයේ ධාවනයේ යොදවා තිබූ ඇතැම් දුම්රියවල මෙතෙක් පැවති කාර්මික දෝෂ ,විදුලි දෝෂ,මකුණු කරදර ඉවත් කර,නව ආසන සවිකොට වර්ණ ගන්වා විෂබීජහරණය කිරීම ආදී නඩත්තු කටයුතු රාශියක් සිදු කිරීමට හැකි වූ බව ඔහු සඳහන් කරයි.

මේ වනවිට දුම්රිය ගමන්වාර 91ක් ධාවනය කිරීමට සැලසුම් කොට ඇති බව ඔහු පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 33ක්, හලාවත මාර්ගයේ දුම්රිය ගමන් වාර 14ක්, උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක්, කැළණිවැලි මාර්ගයේ වාර අටක්, මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 34ක් යෙදවීමට අවශ්‍ය පසුබිම සකසා ඇති බවද ඉංජිනේරු (ධාවන බල) කේ.ජී.එස් බණ්ඩාර මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

රන්ජන්ට ජනපතිගෙනුත් කැපිල්ලක්..!

colombotoday

කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

colombotoday

ලොරියකට පොලිසියෙන් වෙඩි

Admin

අන්තිම මොහොතේ ප්‍රභාකරන් බේරාගැනීමට ඉන්දීයාව කල උත්සාහයක් ගැන හෙළිදරව්වක්…

colombotoday

ක්‍රිකට් තරඟ පාවාදීම ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි

colombotoday

මැක්ස්වෙල් පරණගම වාර්තාවේ තියන්නේ මොනවාද?

colombotoday