Colombo Today Local News

ට්‍රම්ප් සමග සාකච්ඡා මගහැර, යුද අපරාධ චෝදනා ක්‍රියාත්මක කරන්න කල් ඉල්ලයි

ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන ජිනීවා යෝජනාව පිළිබඳව විදේශ කටයුතු බලධාරීන් ට්‍රම්ප් පාලනය සමඟ සාකච්ඡා නොකර එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මානව හිමිකම් සමුළුවෙන් කල් ඉල්ලීමට තීරණය කර ඇත.

විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පෙබරවාරි 28 දා ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් එම ඉල්ලීම කිරීමට නියමිත බව ජිනීවා ඉහළ පෙළේ ආරංචි පැවසීය.

ජිනීවා යෝජනාව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවත් මෙවර මානව හිමිකම් සමුළුවේදී කල් ඉල්ලන බවත් ලන්ඩන් නුවර චැතම් හවුස්‌ මන්දිරයේ පැවැති සමුළුවකදී මංගල සමරවීර මහතා අවධාරණය කර තිබුණි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම ජිනීවා යෝජනාවට මුල් වූ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිෂ්වාල් ඇතුළු ඊළාම් ඩයස්‌පෝරාවට පක්‍ෂපාතී රාජ්‍ය නිලධාරීන් කණ්‌ඩායම ධූරවලින් ඉවත් කර ඇත.

එහෙත් එම වාසිදායක තත්ත්වය හිමිකර ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර නැත.

මෙම ජිනීවා යෝජනාව අහෝසි කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපති ට්‍රම්ප් වෙතින් ඉල්ලා තිබුණි.

මේ අතර විදේශ කටයුතු ඇමැතිවරයාගේ ස්‌ථාවරයට විරෝධය දක්‌වමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නිලධාරීන් ඇතුළු නීතිවේදීන් පිරිසක්‌ මානව හිමිකම් සමුළුව හමුවේ කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ 340 කට අධික සංඛ්‍යාවක්‌ හෙළි කිරීමට තීරණය කර ඇත.

ඉරිදා දිවයින

Related posts

2015 දී කොටස් වෙළෙපොළ 5.54% කින් පහළට. ආයෝජකයෝත් යන්න ගිහින්

colombotoday

RTI සභාපතිධූරය මාස 3කට හිස් වෙයි?

Admin

ටිකිරි මැණිකේ පීලි පනී – උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් නිශ්පාදනයට ජපානයෙන් එයි..

colombotoday

ජාතික රෝහලේ හදවත් සැත්කම් නැවතී යාමේ අවධානමන්

colombotoday

නොදන්වා රට සවාරි ගිය එජාපයේ 25කගෙන් නිදහසට කරුණු විමසයි

colombotoday