Colombo Today Local News

කොවිඩ් මර්දන කමිටුව අද රැස්වෙයි

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (29)දින රැස්වීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 31 වනදා අලුයම 04.00 සිට ඉවත් කිරීමට පසුගියදා පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණය කරනු ලැබීය.

සංචරණ සිමා ඉවත් කිරීමෙන් පසු පළාත් අතර බස්රථ ධාවනය සහ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් අද පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණයක් ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.

උපකාර පංති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී අවසාන තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

Related posts

උමාරා සිත්රිදුනු අයගෙන් සමාව ඉල්ලයි

Admin

විග්නේෂ්වරන් අසරණ වෙයි… උදව් ඉල්ලා ජනපතිට ලියයි

colombotoday

යතුරු පැදියක ගැට ගසා, මාවක් ඔයේ ගිල්වා මැරූ ඇටසැකිල්ලක සුලමුල හෙළිවෙයි

colombotoday

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව නින්දිතයි, අශිෂ්ඨයි – සජිත්

colombotoday

නව මිශ්‍රණ පොහොර දෙකක් ලංකා පොහොර සමාගමෙන් එලියට

Admin

ඇමෙරිකාවෙන් ‌රු. කෝටි 8000ක පරිත්‍යාගයක්

colombotoday