Colombo Today Local News

ගාලු වරායේ පාවෙන අවි ගබඩාව : චෝදනා එල්ල වී සිටින ඇවන්ට් ගාඞ් සභාපතිට රට යන්න අවසර

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 23 වනදා දක්වා ලිහිල් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

එම නඩුව අද(29)දින ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අධිකරණය මගින් පණවා තිබෙන විදේශ ගමන් තහනම මීළඟ නඩු දිනය තෙක් ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා විරෝධය පළ කළේ නැහැ.

ඒ අනුව නිශ්ශංක සේනාධිපති මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ මහතාට අප්‍රේල් මස 23 වන දා පෙරවරු 11 ට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

අනතුරුව අධිකරණය භාරයේ පවතින සේනාධිපති මහතාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 25 ක ශරීර ඇප මත මුදා හරින ලෙස ද අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

Related posts

ගම්දෙවනත් කළ අවිගත් කල්ලිය සොයා මෙහෙයුම්

colombotoday

කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නෑ – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

colombotoday

රාජ්‍ය සේවකයෝ රටට බරක්.ලොසිංජර දෙන්න අවශ්‍ය නෑ – මුදල් ඇමතිගෙන් රාජ්‍ය සේවකයන්ට කනේ පහරක්

colombotoday

විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි

colombotoday

දින 3ක විශේෂ නිවාඩුවක්

colombotoday

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි මහනාම මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

colombotoday