Colombo Today Local News

පාස්කු ප්‍රහාරය : කැබිනට් අනු කමිටු වාර්තාව සකස් කර අවසන්

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයැබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීම සඳහා පත්කර ඇති කැබිනට් අනු කමිටුව සිය වාර්තාව සකස් කර තිබේ.

එම කමිටුවේ සාමාජික අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, සිය වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදීම සඳහා අද(29) දිනයේ වේලාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියාකළ යුතු ආකාරය වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එම කැබිනට් අනු කමිටුව පසුගිය පෙබරවාරි මස 19 දින පත්කරනු ලැබීය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුතු එම කමිටුව සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල , රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් පත්කර තිබුණි.

මාර්තු 15 වන දිනට පෙර අදාළ කමිටු වාර්තාව ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබුණ ද ඒ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍ය බැවින් කැබිනට් අනු කමිටුව විසින් අද දිනය දක්වා කල් ලබාගනු ලැබීය.

ඒ අනුව මේ වන විට සිය කැබිනට් අනු කමිටුව වාර්තාව සකස් කර අවසන් බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

Related posts

ජාතික ගීය දෙමළෙන් නොගයා රට ඉස්සරහට යන්න බෑ.. ආක්ෂක ලේකම් පිස්සෙක් !

colombotoday

චම්පිකගේ පච වැලක්, ගම්මන්පිල එකින් එක ලිහා පෙන්වයි

colombotoday

ලොකු ලූනු මිල නැවතත් ඉහලට

Admin

මිනිස්සු ඉල්ලන්නේ ඥානසාර හාමුදුරුවෝ. | රතන හිමි බෞද්ධයා නැතිකරන කුමන්ත්‍රණයක.

colombotoday

රාජ්‍ය ආදායම කෝටි 1424කින් පහළට !

colombotoday

ඇල්පිටිය ප්‍රතිඵලය විකෘතියක්

Admin