රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාට කොවිඩ් – 19 වෛරසය වැළඳී ඇතැයි වාර්තා වේ.
ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් බිමල් ජයකොඩි මහතා මේ බව සඳහන් කර තිබේ.
ඊයේ (28)දින උදෑසන පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුවු බවත් එහිදී තමා ආසාදිත බවට තහවුරු වු බවත් ඒ මහතා සිය ෆේස්බුක් සටහනේ දක්වා ඇත.
තමාට වෛරසය ආසාදනය වී ඇතැයි සිතන දින සිට කිසිදු කලා කටයුත්තක් සඳහා සහභාගී නොවු බවත්, එම කාලය තුළ තමා හමුවු පුද්ගලයින් ට මේ පිළිබඳ දැනුවත් කළ බවත් ඔහු වැඩිදුරටත් සටහනේ දක්වා තිබේ.
බිමල් ජයකොඩි මහතා මේ වන විට සෞඛ්‍ය අංශවල මඟපෙන්වීම යටතේ නිරෝධායනය සඳහා යොමුව සිටී.
එම සටහන පහතින්,