Colombo Today Local News

ආණ්ඩුවේ දූෂිතයන්ටත් මගෙන් බේරුමක් නෑ – ජනපති

වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීමේදී ජනතාව තැබූ විශ්වාසය කඩවීමට කිසිසේත් ඉඩ නොතබන බව අවධාරණය කර සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පැවති ආණ්ඩුවල මෙන්ම වත්මන් ආණ්ඩුවේ ද දූෂණ සහ වංචා පිළිබඳ චෝදනා විමසා බලා ජනතා මතය අනුව යම් යම් තීන්දුවලට එළඹීමට ඉදිරියේදී තමන්ට සිදුවනු ඇතැයි කියා සිටියේය.

එරාවුර් අලිහාර් ක්‍රීඩාංගණයේ ඊයේ (01) පස්වරුවේ පැවැත්වූ ජන හමුවකදී ඔහු මෙම කාරණය පැවසිය.

කුමන දේශපාලන මතයක් දැරුව ද ආණ්ඩුවේ වැඩපිළිවෙළට සහාය දැක්වීම සියලු දේශපාලන පක්ෂවල වගකීමක් බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

මැතිවරණයකදී ජනතා කැමැත්තෙන් මිස ආණ්ඩුව පෙරළා දැමීමට කිසිවෙකුට නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Related posts

මීළග ඡන්දයට පෙර මහින්දගේ අළුත් පක්ෂය ස්ථීරයි

colombotoday

බුද්ධගයා මහා විහාරයට දැඩි ආරක්ෂාවක්

colombotoday

රණවිරුවන් වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය NGOවක් අරඹන්න යයි

colombotoday

භික්ෂූන් වහන්සේ පිරිවරා මහ සෙනගක් මල්වතු මහා විහාරයට… සත්‍යග්‍රහයක් අරඹන්න සූදානම් !

colombotoday

අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය කැප කිරීමට සූදානම් නෑ

colombotoday

හපුතලේ – වැලිමඩ මාර්ගයේ නායයෑමක්

Admin