World

ට්‍රම්ප්ගේ තීරණයට ප්‍රංශයේ සහය.. මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වහන්න ප්‍රංශයත් සූදානම් !!

මුස්ලිම් රටවල් හතක ජනතාව ඇමෙරිකාවට ඇතුළුවීම වළක්වන නියෝගය ප්‍රංශයේද ක්‍රියාත්මක කිරීමට බලා‍පොරොත්තු වන බව ස්ටීව් බ්‍රිඕස් ප්‍රකාශ කර ඇත. ලබන මැයි මස ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජාතික පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින මැරයින් ලී පෙන්ගේ සමීපතමයා වන ස්ටීව් මෙසේ පවසා ඇත්තේ පෙන් ජයග්‍රහණය කළහොත් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ඔහු සූදානමින් සිටින බවය. ස්ටීව් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ගේ මෙම නියෝගය යුරෝපයේද ක්‍රියාත්මක කිරීමට සුදුසු කාලය එළැඹ ඇති බවය.

මේ අතර ප්‍රංශ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ට්‍රම්ප් විසින් තහනමට ලක් කර ඇති රටවලින් නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සහිතව හෝ එවන් රටවල සිට ඇමෙරිකාවට ඇතුළුවීමෙන් වැළකී සිටින ලෙසය.

ට්‍රම්ප් පසුගියදා නිකුත් කළ නියෝගයට නව සංශෝධනයක් ඉදිරිපත් වී ඇත. එම සංශෝධනයට අනුව ඉංග්‍රීසි භාෂාව කතා කරන සුදු ජාතිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීමේ කිසිදු අපහසුතාවක් නොමැත. ඒ අනුව විශේෂයෙන් බ්‍රිතාන්‍ය, කැනඩාව සහ ඔස්ට්‍රේලියානු ජාතිකයන්ට ඇමෙරිකාවේ දොර විවෘතව ඇත. නවසීලන්ත ජාතිකයන්ටද ඉදිරියේදී එම සහනය දීම කෙරෙහි සැලකිල්ල යොමු කරන බව සඳහන් කර ඇත.

 

Related posts

BREAKING: ISIS ඉලක්ක වෙත ප්‍රංශයෙන් දරුණු ප්‍රහාර – ප්‍රහාරක යාන 10කින් ඉලක්ක 20ක් විනාශ කරයි

colombotoday

රජ පවුල සමග ගෙවූ ජීවිතය දුෂ්කරයි සමහර අවස්ථාවල සියදිවි හානි කරගන්න හිතුනා – මෙගන් මාකල්

colombotoday

පුටින් සහ රුසියාව ඔවුන්ගේ ආයුධ බිම තැබුවොත් සාමය ලැබෙනු ඇති – නේටෝ ප්‍රධානියා

Admin

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ ඔඩේසාහි වරාය පහසුකම්වල ගින්නක්

Admin

ඉන්දියාවේ සුපිරි ගායක එස්.පී. බාලසූබ්‍රමනියම් දිවිගමනට සමුදෙයි

colombotoday

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 2ක්

colombotoday