Colombo Today Local News

පසුගිය ආණ්ඩුව දුන් දේ මේ ආණ්ඩුව නැවත ගනී !!

නිවාස නැති සමෘද්ධිලාභීන්ට නිවසක් ඉදිකරගැනීම සදහා පසුගිය ආණ්ඩුව විසින් ලබාදුන් රුපියල් 2500ක ආධාර මුදල වත්මන් ආණ්ඩුව විසින් නැවත අයකර ගනිමින් සිටින බව සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

නිවසක් ඉදිකරගැනීම සඳහා රුපියල් 10,000 ක ආධාර මුදලක් ලබාදීමට සැලසුම් කර තිබු බවත් එහෙත් එම මුදලින් රුපියල් 2500 මුලික වාරිකය ලබාදුන් පසු ආණ්ඩුව වෙනස්වූ බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා පවසා සිටියේය.

ආණ්ඩුව වෙනස්වීමත් සමග එම වැඩපිළිවෙළ නැවතී ගිය අතර, ලබාදුන් වාරික මුදලක් නැවත අයකර ගනිමින් සිටින බවත්, සමෘද්ධි සහනාධාරයෙන් මෙම මුදල අයකරගනිමින් සිටින බවද මද්දුමකළුගේ මහතා සඳහන් කළේය.

Related posts

නිලධාරීන්ට පහර දී පැනයන්න හැදු නිරෝධායන පිරිසකට වෙඩි තබයි

colombotoday

අහඹු පීසීආර් 45කින් ආසාදිතයින් 26 දෙනෙකු හදුනා ගනී

colombotoday

70 වන නිදහස් දින සමරන්න ශ්‍රී ලංකාව නම් රටක් නැතිවෙයි !!

colombotoday

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර තේ වත්තකින් හමු වෙයි

Admin

ඇඹිලිපිටිය රෝහලේ සැත්කම් වලට බාධා

Admin

ආගමික ස්ථානවලට හිමි වත්කම් හා දේපොළ ගැන තොරතුරු ගන්න තීරණයක්

Admin