Colombo Today Local News

ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව මවිත කළ නව සොයාගැනීමක්

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සේවය කරන ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතා ලොව ප්‍රථම වරට වායුමය හයිඩ්‍රජන් යොදාගෙන ලෝහමය හයිඩ්‍රජන් නිපදවීමේ විද්‍යාත්මක පර්යේෂණය සඳහා දායක වී ඇති බව වාර්තා වේ. මෙම සාර්ථක පර්යේෂණය සිදු කිරීම සඳහා රංග ඩයස් සහ ඉසාක් සිල්වේරා යන මහාචාර්ය ද සහභාගී වී ඇති බව ‘සයන්ස්’ නම් විද්‍යාත්මක සඟරාවේ දක්වා ඇත.

ඉතා කුඩා හයිඩ්‍රජන් වායු කොටසක් දියමන්ති දෙකක් අතර අධි පීඩනයකට ලක් කිරීමෙන් හයිඩ්‍රජන් ලෝහය නිපදවීමට සමත් වූ බව මෙම විද්‍යාඥයෝ දෙදෙනා පවසති. ලොව පුරා විද්‍යාඥයින් වසර 80ක පමණ කාලයක සිට ලෝහමය හයිඩ්‍රජන් නිපදවීම සම්බන්ධව පර්යේෂණ සිදු කළත් ඒවා සාර්ථක වී තිබුණේ නැත.

කාමර උෂ්ණත්වයේදී ඉතා ඉහළ සන්නායක ගුණයක් දක්වන හයිඩ්‍රජන් ලෝහය අධික වේගයෙන් ගමන් කරන රොකට් යානා, විදුලි දුම්රිය සහ තවත් බොහෝ ඉලෙක්ට්‍රොනික් උපාංගවල කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා යොදාගත හැකි බොහෝ ප්‍රයෝජනවත් ලෝහයකි.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ රංග ඩයස් මහතා 2016 වර්ෂයේ දී සිය ප්‍රථම උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇති අතර පශ්චාද් උපාධිය ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්ත සරසවියෙන් ලබාගෙන ඇත.

Related posts

වසර 10කට පසු ප්‍රයිවට් බස් නැති ගාලු පාරේ සිදුවූ ලස්සන වෙනස !

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයෙන් අපේක්ෂිත ඇප ඉල්ලයි

colombotoday

කොවිඩ් වසංගතයෙන් පසු පළමු චීන සංචාරක පිරිස දිවයිනට

Admin

පොලීසිය හැසිරෙන්නේ මෘගයෝ වගේ, ස්වාධීන කොමිසන් හංස පැටවුන්ගෙන් පිරිලා – උදය ගම්මන්පිල

colombotoday

විනාඩි 4 න් රුපියල් මිලියන 100 ක මගඩිය සිදුවුනේ මෙහෙමයි

colombotoday

එජාප මහලේකම් පුටුව තලතාට

Admin