World

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර

ඉරාකයේ සහ සිරියාවේ සිට ක්‍රියාත්මක ඉරාන සහාය ලබන සටන් කණ්ඩායම් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කළ බව පෙන්ටගනය (අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය) නිවේදනය කළේය.

එම කණ්ඩායම් විසින් අමෙරිකානු හමුදා වෙත එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරවලට පිළිතුරු ලෙස ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක කළ බව අමෙරිකාව පැවසීය.

එම ගුවන් ප්‍රහාර සටන්කාමීන්ගේ “මෙහෙයුම් මධ්‍යස්ථාන සහ ආයුධ ගබඩා” වෙත එල්ලකර තිබේ.

“ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඔහු අමෙරිකානුවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට,” පෙන්ටගනය පැවසීය.

ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව ඉරාන සහාය ලබන සටන්කාමීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ලකරන ලෙස බයිඩන් නියෝගකළ දෙවැනි අවස්ථාව මෙය වේ.

පසුගිය මාස කිහිපය තුළදී ඉරාකයේ කඳවුරු ලා සිටින අමෙරිකානු හමුදා කණ්ඩායම් වෙත විටින් විට ඩ්‍රෝන ප්‍රහාර එල්ලවිය. නමුත් ඉරානය පැවසුවේ එම ඩ්‍රෝන ප්‍රහාර ගැන තමන්ගේ සම්බන්ධයක් නොමැති බවය.

මේ වනවිට අමෙරිකානු හමුදාවේ 2,500ක් පමණ ඉරාකයේ රඳවා සිටින අතර ඔවුන්ගේ ප්‍රධාන අරමුණ “ඉස්ලාමීය රාජ්‍ය ජිහාඩ් සටන්කාමීන්ට” එරෙහිව සටන් වැදීමයි.

Related posts

අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි

Admin

බලාපොරොත්තු දල්වාගෙන විරතු හිමියෝ ඇමරිකානු ඡන්ද ප්‍රතිඵල බලපු හැටි !

colombotoday

මාලදිවයින් ජනපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂක ඉදිරියෙන්

colombotoday

බොරතෙල් බැරලයක මිල තවත් පහළට

colombotoday

ඇමෙරිකාවේ තවත් පොලිස් වෙඩිතැබීමකින් Black Lives Matter විරෝධතාවලට සහාය දැක්වූ පුද්ගලයෙක් මරුට

colombotoday

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

colombotoday