Colombo Today Local News

අමාත්‍යධුරයක් ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කර නැ | මෛත්‍රීගේ කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යධුරයක දිවුරුම් දිමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දිනකදි කැබිනට් අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිතව ඇති බව අද (28)දින මාධ්‍ය තුළ පළවු වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි ඔහු එමගින් සඳහන් කර ඇත්තේ.

හිටපු ජනාධිපතිවරයා අමාත්‍යධුරයක් හෝ කිසිදු තනතුරක් තමාවෙත ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර නොමැති බවත් එවැනි කිසිදු තනතුරක් ලබාගැනිමට බලාපොරොත්තු නොවන බවත් එහි දැක්වේ.

Related posts

කොටි කුරිරුකම් ගැන කියන “ඩීමන්ස්‌ ඉන් පැරඩයිස්‌” යාපනයේ ප්‍රදර්ශනය අත්හිටුවයි

colombotoday

යුධ හමුදාපති ශවේන්ද්‍රට එරෙහි පළමු වෙඩිමුරය ඇමරිකාවෙන්

colombotoday

තවත් පාතාල කල්ලි ගැටුමක ඝාතකයෙක් අල්ලයි

Admin

ජනාධිපතිවරණ කාලයේදී මාධ්‍යයට ප්‍රකාශ නොකරනු. සජිත් පාර්ශවයෙන් රංජන්ට තහනමක්

colombotoday

2017 දී දැනුම් දුන් තුර්කි ත්‍රස්තයන් ගැන විමර්ශනත් ඇණහිටලා – වසන්ත සේනානායක

colombotoday

හංවැල්ලේදී වෙඩිතැබීමක්

Admin