Colombo Today Local News

ශ්‍රී ලංකාව හා ඉතියෝපියාව අතර අවබෝධතා ගිවිසුමක්.. රාජ්‍යතාන්ත්‍රික සබදතා තර කෙරේ!

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරගේ එළඹෙන ඉතියෝපියානු සංචාරය අතරතුරදීශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඉතියෝපියානු ෆෙඩරල් ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශනයන් පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සදහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ඇතුළත් මූලධර්ම මත පදනම්ව දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍ර සම්බන්ධතා හා සහයෝගිතාව ශක්තිමත් කරගැනීමේ හා වර්ධනය කරගැනීමේ අරමුණ ඇතිව,විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඉතියෝපියානු සංචාරය සිදු කිරීමට නියමිතයි.

Related posts

උබ ආයුද ගන්නවානම් , තලනවා එකාගේ ඉදං – ඥානසාර හිමි බදුර්දීන්ගේ කනහරහා දෙයි

colombotoday

ඉන්ධන මිල අඩුකළ හැකි – ඇමැති කියයි

colombotoday

රත්නපුරෙන් දමිතාට ටිපෙක්ස් පහර

Admin

චූදිත අපේක්‍ෂකයන්ගේ ලයිස්තුවක් පොලිසියට

colombotoday

ශ්‍රී ලංකාවේ සතියක් තුළ අසාදිතයන් 311ක් වාර්තා වේ

colombotoday

වගකීමෙන් පැනයන්න බැරිවෙයි.. අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීමේ වගකීම අගමැති අතේයි..

colombotoday